• Increase font size
  • Default font size
  • Decrease font size

2022-09-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම
- 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති අතර, ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සංශෝධිත පනත් කෙටුම්පතක් සකස් කරමින් පවතී. දැනට වර්ධනය වෙමින් පවතින මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ/ බස් රථ, කාර්යාලයීය ප්‍රවාහන සේවා වැනි මගී ප්‍රවාහන සේවාවන් සඳහා වන ප්‍රතිපත්ති, නියාමන රෙගුලාසි හා මාර්ගෝපදේශ නිකුත් කිරීම සඳහා වන විධිවිධාන ද 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතට ඇතුළත් කරමින් එකී පනත තවදුරටත් සංශෝධනය කිරීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් දැනට කෙටුම්පත් කරමින් පවතින පනත් කෙටුම්පත සඳහා එකී විධිවිධාන ඇතුළත් කිරීම පිණිස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.