• Increase font size
  • Default font size
  • Decrease font size

2022-09-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ මාලදිවයින ජනරජය අතර සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය නෛතික සහාය පිළිබඳ ගිවිසුම
- ඒකාබද්ධ විමර්ශන සිදු කිරීමේදී මුහුණ පෑමට සිදු වන දුෂ්කරතා මග හැරවීමටත්, දෙරට අතර අන්‍යෝන්‍ය සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමටත් හැකි වන පරිදි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ මාලදිවයින ජනරජය අතර සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය නෛතික සහාය සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.