• Increase font size
  • Default font size
  • Decrease font size

2022-09-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සම්මුතියේ (චිකාගෝ සම්මුතිය) 50(අ) ව්‍යවස්ථාව හා 56 ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා අදාළ ප්‍රොටෝකෝල (Protocols) වෙත ප්‍රවේශ වීම
- ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සම්මුතියේ (චිකාගෝ සම්මුතිය) 50(අ) ව්‍යවස්ථාව හා 56 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ ප්‍රොටෝකෝලයන් (protocols) සංශෝධනය කිරීම සඳහා ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ 39 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාව එකඟතාව පළ කර ඇත. 50(අ) ව්‍යවස්ථාව සංශෝධනය මඟින් කවුන්සිලයේ සාමාජික සංඛ්‍යාව 36 සිට 40 දක්වා වැඩි කිරීමටත්, 56 වන ව්‍යවස්ථාව සංශෝධනය මඟින් Air Navigation Commission හි සාමාජිකත්වය 19 සිට 21 දක්වා වැඩි කිරීමටත් විධිවිධාන සැලසේ. මේ වන විට පාර්ශ්වකාර රාජ්‍යයන් 60ක් එම ප්‍රොටෝකෝලයන් දෙක අනුමත කර ඇති අතර 128 වන Instrument of Ratification තැන්පත් කිරීමේ දින සිට එකී ප්‍රොටෝකෝලයන් ක්‍රියාත්මක වීම ආරම්භ වනු ඇත. ඒ අනුව, පාර්ශ්වකාර රාජ්‍යයක් වශයෙන් එකී ප්‍රොටෝකෝලයන් දෙක ශ්‍රී ලංකාව විසින් පිළිගැනීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.