• Increase font size
  • Default font size
  • Decrease font size

2022-09-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මධ්‍යම සහ ඌව පළාත්හි වඩාත් පසුගාමී දිස්ත්‍රික්කයන්හි ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය සඳහා වන සහාය වැඩසටහන
- මධ්‍යම සහ ඌව පළාත්හි වඩාත් පසුගාමී දිස්ත්‍රික්කයන්හි ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය සඳහා වන සහාය වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස යුරෝපා සංගමය විසින් යූරෝ මිලියන 30ක ප්‍රදානයක් ලබා දී ඇති අතර ඒ සඳහා වන ගිවිසුමට 2016 03 16 දින අත්සන් තබා තිබේ. ඒ අනුව, මෙම ව්‍යාපෘතියේ කාලසීමාව 2024 06 15 දින අවසන් වීමට නියමිතය. එහෙත්, පසුගිය කාලසීමාව තුළ රට තුළ පැවති කොවිඩ් - 19 වසංගත තත්ත්වය හා ආර්ථික අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයන් සිදුව ඇත. එබැවින්, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව සහ ප්‍රදාන ගිවිසුමේ වලංගු කාලසීමාව 2025 06 15 දින දක්වා දීර්ඝ කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.