• Increase font size
  • Default font size
  • Decrease font size

2022-09-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ කැනඩාවේ කැල්ගරි විශ්වවිද්‍යාලය අතර වන අවබෝධතා ගිවිසුම
- දෙපාර්ශ්වය අතර තෝරා ගත් අධ්‍යාපනික ක්‍රියාකාරකම්, ඉගැන්වීම් හා පර්යේෂණ කටයුතු නියාමනය කිරීම සඳහා විද්වතුන් හුවමාරු කර ගැනීම, උපාධි අපේක්ෂකයන් හා පශ්චාත් උපාධි අපේක්ෂකයන් හුවමාරු කර ගැනීම, ඒකාබද්ධ පර්යේෂණ ක්‍රියාකාරකම් පැවැත්වීම සහ සීමාවාසික පුහුණු අවස්ථා ලබා දීම වැනි අධ්‍යයන ක්ෂේත්‍රවල සහයෝගිතාව ඇති කර ගැනීම සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ කැනඩාවේ කැල්ගරි විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.