• Increase font size
  • Default font size
  • Decrease font size

2022-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
- 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරන ලද පහත සඳහන් රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* රාජ්‍ය අංශයේ ආනයනයන් හා තෝරාගත් අංශයන්හි මෙහෙයුම් දායකත්වය සහතික කිරීම පිණිස ඇතැම් කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, උපකරණ සහ උපයෝගීතා වාහන ආනයනය කිරීමට ඉඩ සැල‍ෙසන පරිදි 2022 08 23 දිනැති ගැසට් නිවේදනය මඟින් පනවන ලද 2022 අංක 12 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි.

* පවතින සීමිත විදේශ විනිමය ද්‍රවශීලතාව කළමනාකරණය කර ගැනීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශය පරිදි තෝරාගත් භාණ්ඩ ගණනාවක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීම සඳහා 2022 08 23 දිනැති ගැසට් නිවේදනය මඟින් පනවන ලද 2022 අංක 13 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි.