• Increase font size
  • Default font size
  • Decrease font size

2022-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාස පිළිබඳ තෙවන ජාතික සන්නිවේදන වාර්තාව එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය වෙත ඉදිරිපත් කිරීම
- එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියෙහි පාර්ශ්ව රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව විසින් කාලීනව දේශගුණ විපර්යාස සම්බන්ධ තොරතුරු වාර්තා ඉදිරිපත් කළ යුතුව ඇත. ඒ අනුව, 2000 හා 2012 වර්ෂයන්හිදී පිළිවෙලින් එහි පළමු හා දෙවන සන්නිවේදන වාර්තා ඉදිරිපත් කර තිබේ. එකී සන්නිවේදන වාර්තාවේ දේශගුණික, ආර්ථික හා සාමාජීය වාතාවරණය, ජාතික හරිතාගාර වායු ඉන්වෙන්ට්‍රිය, හරිතාගාර වායු විමෝචනය අවම කිරීමේ ක්‍රියාමාර්ග, දේශගුණ විපර්යාසවල අවදානම හා ඊට අනුහුරු වීමේ ක්‍රියාමාර්ග, අධ්‍යාපන, පුහුණු හා ධාරිතා වර්ධනය, තාක්ෂණ හුවමාරු, පර්යේෂණ හා විධිමත් නිරීක්ෂණ යනාදී තොරතුරු අඩංගු විය යුතුය. ඒ අනුව, දේශගුණ විපර්යාස පිළිබඳ විද්වත් කමිටු සහ අන්තර් ආයතන සම්බන්ධීකරණ කමිටුවල අදහස් හා යෝජනා ලබා ගනිමින් පරිසර අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාස පිළිබඳ තෙවන ජාතික සන්නිවේදන වාර්තාව - 2018-2021 සකස් කරනු ලැබ ඇත. එම වාර්තාව එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය වෙත ඉදිරිපත් කිරීම පිණිස පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.