• Increase font size
  • Default font size
  • Decrease font size

2022-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික සාහිත්‍ය කලා මහෝත්සවය පැවැත්වීම
- සාහිත්‍යය, කලාව, සෞන්දර්යය සහ ඒ හා සම්බන්ධ ක්ෂේත්‍රයන් ප්‍රවර්ධනය කිරීම පිණිස රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල, ජාතික සාහිත්‍ය උත්සවය සහ ජාතික සාහිත්‍ය කලා මහෝත්සවය වාර්ෂිකව පවත්වනු ලබයි. වර්තමානයේ රට තුළ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් එකී උත්සවයන් මෙම වර්ෂය තුළ පැවැත්වීම යෝග්‍ය නොවන බැවින් ඒ වෙනුවට, එම සාහිත්‍ය උත්සවයන්හි සියලු අනන්‍ය ලක්ෂණ ඇතුළත් වන පරිදි "ජාතික සාහිත්‍ය කලා මහෝත්සවය" පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, 2022 ඔක්තෝබර් මාසයේ 27 දින සිට 30 දින දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ආයතන සමඟ ඒකාබද්ධව එකී උත්සවය පැවැත්වීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.