• Increase font size
  • Default font size
  • Decrease font size

2022-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ස්ථාපිත කිරීම
- වත්මන් අර්බුදකාරී ආර්ථික තත්ත්වය හමුවේ ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය සඳහා ඉහළ ප්‍රමුඛතාවකින් යුතුව ගත යුතු පියවරයන් සම්බන්ධයෙන් කඩිනම් තීරණ ගත යුතුව ඇත. ඒ අනුව, ජාතික ආර්ථික කළමනාකරණ කාර්යයන් සඳහා අවශ්‍ය වන ක්‍රමෝපායික මග පෙන්වීම ලබා දීම පිණිස ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් ස්ථාපිත කිරීම යෝග්‍ය බව හඳුනාගෙන තිබේ. එකී කමිටුව, ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් 05 දෙනෙකුගෙන් සමන්විතව පත් කිරීම පිණිස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.