• Increase font size
  • Default font size
  • Decrease font size

2022-09-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමානාත්මතාව හා කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීමට අනුමැතිය ලබා ගැනීම
- ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අසමතුලිතතා අවම කිරීම මඟින් කාන්තාවන් සවිබලගැන්වීම සඳහා වූ වැඩසටහන් කිහිපයක් කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය විසින් ආරම්භ කරනු ලැබ ඇති අතර, එකී වැඩසටහන් "ලිය සරණි" යනුවෙන් කාන්තාවන් සඳහා වන ජාතික ඒකාබද්ධ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. කාන්තා ප්‍රතිපත්ති සම්පාදනය හා නියාමනය සඳහා ඇති ජාතික කාන්තා කමිටුව සහ කාන්තා සවිබලගැන්වීම හා සංවර්ධනයට සම්බන්ධ ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය යන ආයතන දෙකම නිත්‍යානුකූලව ජාතික මට්ටමින් ක්‍රියාත්මක නොවීම කාන්තාවන් සවිබලගැන්වීම සම්බන්ධයෙන් පවතින යාන්ත්‍රණයේ එක් ප්‍රධාන දුර්වලතාවක් වශයෙන් හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව මෙන්ම අයිතිවාසිකම් හා රැකවරණය සහතික කිරීමේ අරමුණින් අදාළ විධිවිධාන ඇතුළත් කරමින් "කාන්තා සමානාත්මතා හා සවිබලගැන්වීමේ පනත් කෙටුම්පත" සකස් කිරීම පිණිස පදනම් කර ගැනීම සඳහා මූලික කෙටුම්පතක් සකස් කරන ලෙස කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙතින් ඉල්ලා සිටීම පිණිස ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.