• Increase font size
  • Default font size
  • Decrease font size

2022-09-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පරිපූර්ණ නීති පද්ධතියක් හඳුන්වා දීම
- ත්‍රස්තවාදයේ සහ ප්‍රචණ්ඩ අන්තවාදයේ නව මානයන් සම්බන්ධයෙන් විධිවිධාන හඳුන්වා දීම පිණිස දැනට පවතින ත්‍රස්ත විරෝධී නීතිවල දුර්වලතා මගහරවා ගැනීමටත්, එවැනි ක්‍රියාවලට මුහුණ දීමටත්, නීතිය බලාත්මක කිරීමටත්, විමර්ශන හා අධීක්ෂණ මෙවලම් තවදුරටත් ශක්තිමත් කිරීමටත් පුළුල් ජාතික ආරක්ෂක නීති පද්ධතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව, අදාළ සියලුම කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධ අන්තර්ජාතික ප්‍රමිතීන්/නිර්දේශ සැලකිල්ලට ගනිමින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පරිපූර්ණ නීති පද්ධතියක් සඳහා වන මූලික කෙටුම්පතක් සකස් කිරීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා; අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා; සහ විදේශ කටයුතු අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.