• Increase font size
  • Default font size
  • Decrease font size

2022-09-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම
- අධිකරණයෙන් වරදකරුවෙකු වූ පුද්ගලයෙකුගේ අභියාචනා සලකා බැලීමේදී එම පුද්ගලයා අත්අඩංගුවේ සිටි කාලය හෝ එයින් යම් කොටසක් හෝ ඔහුගේ දණ්ඩන නියමයේ දැක්වෙන කාලයෙන්‍ කොටසක් ලෙස ගණන් ගැනීමට හැකි වන විධිවිධාන ඇතුළත් කරමින් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීම යෝග්‍ය බවට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ වන විශේෂ ඒකකයේ අපරාධ අනුකමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇත. ඒ අනුව, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 323(5) වගන්තිය සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.