• Increase font size
  • Default font size
  • Decrease font size

2022-09-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රමිකයන් බඳවාගැනීම, රැකියා සඳහා යොමු කිරීම සහ නැවත මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ මැලේසියානු රජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර අවබෝධතා ගිවිසුම
- ශ්‍රමිකයන් බඳවාගැනීම, රැකියා සඳහා යොමු කිරීම සහ නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා මැලේසියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමකට 2016 වර්ෂයේදී අත්සන් තබා ඇති අතර එකී අවබෝධතා ගිවිසුමෙහි වලංගු කාලසීමාව 2021 දෙසැම්බර් මස 15 දින අවසන් වී ඇත. තවදුරටත් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි එකී අවබෝධතා ගිවිසුම දීර්ඝ කරමින් නව ගිවිසුමකට අත්සන් තැබීම පිණිස කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.