• Increase font size
  • Default font size
  • Decrease font size

2022-09-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජපානය හා ශ්‍රී ලංකාව අතර කාබන් හර කිරීමේ ඒකාබද්ධ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම
- ශ්‍රී ලංකාව විසින් 2016 සැප්තැම්බර් මස 21 දින අපරානුමත කරන ලද දේශගුණ විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුම අනුව හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සඳහා බලශක්ති, කර්මාන්ත, ප්‍රවාහන, අපද්‍රව්‍ය, වනාන්තර සහ කෘෂිකර්මය යන ක්ෂේත්‍ර යටතේ ජාතිකව නිර්ණය කරන ලද දායකත්ව එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත. ජපානය විසින් 2013 වර්ෂයේදී හඳුන්වා දී ඇති කාබන් හර කිරීමේ ඒකාබද්ධ යාන්ත්‍රණය මඟින් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ ඒකාබද්ධව හරිතාගාර වායු විමෝචනය අවම කරමින්, එම අවම කරන ලද ප්‍රමාණය ගිවිසුම්ගත පාර්ශ්වකාර රට හා ජපානය අතර ප්‍රතිශතාත්මකව බෙදාගැනීමට කටයුතු කරනු ලබයි. එකී යාන්ත්‍රණය ශ්‍රී ලංකාව හා ජපානය අතර ද ක්‍රියාත්මක කිරීම සඳහා දෙරට අතර සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.