• Increase font size
  • Default font size
  • Decrease font size

2022-09-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සනීපාරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය හා සනීපාරක්ෂක ප්‍රධාන සැලැස්ම
- ගෘහස්ත අපද්‍රව්‍ය හා මානව අපද්‍රව්‍ය මෙන්ම ආයතනික, වාණිජ හා කර්මාන්ත අපද්‍රව්‍ය සුරක්ෂිත කළමනාකරණය මෙන්ම ‍ඒවායේ සුරක්ෂිත එක්රැස් කිරීම, පිරිපහදු කිරීම, බැහැර කිරීම හා ඒ ආශ්‍රිත සෞඛ්‍ය පිළිවෙත් සනීපාරක්ෂාව ලෙස සලකනු ලබයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එහි තිරසර සංවර්ධන අරමුණු න්‍යාය පත්‍රයේ සනීපාරක්ෂක සේවා සැපයීම රටක සංවර්ධනයේදී ප්‍රධාන අවශ්‍යතාවක් වශයෙන් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, සනීපාරක්ෂක පහසුකම් සැපයීමට අදාළ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම පිණිස සියලුම පාර්ශ්වකරුවන් පොදු රාමුවක් තුළ මනා සම්බන්ධීකරණයක් සහ අධීක්ෂණයක් සහිතව ක්‍රියාත්මක වීම සහතික වන අයුරින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් අදාළ පාර්ශ්වයන්ගේ උපදේශනය සහිතව ජලසම්පාදන අමාත්‍යාංශය විසින් සනීපාරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය හා සනීපාරක්ෂක ප්‍රධාන සැලැස්ම පිළියෙල කරනු ලැබ ඇත. වර්ෂ 2021 සිට 2030 දක්වා කාලසීමාව ආවරණය වන අයුරින් එකී යෝජිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස ජලසම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.