• Increase font size
  • Default font size
  • Decrease font size

2022-09-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික පෝෂණ ප්‍රතිපත්තිය - 2021 2030
- පුරවැසියන්ට සෞඛ්‍ය සම්පන්න ආහාර පරිභෝජනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව සලසන ආරක්ෂිත ආහාරමය පරිසරයක් පැවතීම ඇතුළුව ජනතාවගේ පෝෂණ තත්ත්වය යහපත්ව පවත්වාගෙන යාම කෙරෙහි බලපාන විවිධාකාර වූ ගැටලුවලට සාර්ථකව විසඳුම් ලබා දීමේ අරමුණින් “ජාතික පෝෂණ ප්‍රතිපත්තිය 2021 2030” සකස් කරනු ලැබ ඇත. සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා ප්‍රශස්ත පෝෂණය යන දැක්ම සහ එය ක්‍රියාවට නැංවීම සඳහා වන උපායමාර්ගික රාමුව සහිත එකී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.