• Increase font size
  • Default font size
  • Decrease font size

2022-09-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික නියෝජිතායතනය පිහිටුවීම
- ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමේදී ආයෝජකයන් මුහුණ දෙන දුෂ්කරතා සහ ගැටලු හඳුනාගෙන ඒවා නිරාකරණය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම මගින් ආයෝජන දිරි ගැන්වීමටත්, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘති හඳුනාගෙන නිශ්චිත කාලරාමුවක් යටතේ එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් හැකි වන පරිදි මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික නියෝජිතායතනය ස්ථාපිත කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.