• Increase font size
  • Default font size
  • Decrease font size

2022-09-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතින්හි 2022 දෙවන කාර්තුව අවසන් වන විට ප්‍රගතිය
- රේඛීය අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කරනු ලබන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල 2022 වර්ෂයේ දෙවන කාර්තුව අවසානය දක්වා වන සම්මුචිත භෞතික ප්‍රගතිය හා එම ව්‍යාපෘති සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද වාර්තාව අනුව රුපියල් ට්‍රිලියන 5.8ක සමස්ත ආයෝජනයකින් යුත් රුපියල් මිලියන 1,000 ඉක්මවන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 260ක් ක්‍රියාත්මක කරනු ලැබ ඇත. ඒ අතුරින් ව්‍යාපෘති 125ක් සඳහා විදේශීය මූල්‍යන මාර්ගවලින් අරමුදල් සැපයෙන අතර මෙම ව්‍යාපෘතීන් නිම කිරී‍ෙම් වර්ෂයන් 2030 වර්ෂය තෙක් පැතිර පවතී. 2022 වර්ෂයේ දෙවන කාර්තුව තුළ, රට තුළ පැවති විදේශ විනිමය අර්බුදය හේතුවෙන් පැන නැඟුන ආනයන සීමා, අමුද්‍රව්‍ය හිඟය, ඉන්ධන අර්බුදය, විදුලිය කපා හැරීම, මිල උද්ධමනය මෙන්ම ඒ හා බැඳුන කොන්ත්‍රාත් කළමනාකරණ ගැටලු හේතුවෙන් එකී සංවර්ධන ව්‍යාපෘතිවල අඛණ්ඩ ක්‍රියාකාරිත්වය සඳහා දැඩි බලපෑමක් එල්ල වී ඇත. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලද එම තොරතුරු සැලකිල්ලට ගනිමින් ඉහත ව්‍යාපෘතිවල සුමට ක්‍රියාකාරිත්වය තහවුරු කිරීම පිණිස අදාළ පාර්ශ්වයන්ගේ සහාය ලබා ගැනීම සහ පවතින ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කර එම ව්‍යාපෘති මඟින් අපේක්ෂිත ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත නිලධාරි කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.