• Increase font size
  • Default font size
  • Decrease font size

2022-09-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අධ්‍යයන සබඳතා සහ සහයෝගිතාව පිළිබඳ ගිවිසුම
- අධ්‍යයන සබඳතා සහ සහයෝගිතාව පිළිබඳව ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හා චීනයේ ටියැන්ජින් විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පාසල අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශය, ජාතික අයවැය දෙපාර්තමේන්තුව සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ ඇතුළත් කරමින් කෙටුම්පත් කරනු ලැබ ඇති අවබෝධතා ගිවිසුම සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.