• Increase font size
  • Default font size
  • Decrease font size

2022-09-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගිතාව සම්බන්ධයෙන් වන ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුම
- අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගිතාව සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය සහ එක්සත් රාජධානියේ කීල් විශ්වවිද්‍යාලය අතර ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී ඇත. විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ නීතිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණයන් ද ඇතුළත් කරමින් යෝජිත අවබෝධතා ගිවිසුම කෙටුම්පත් කර ඇති අතර එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ‍ආරක්ෂක අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.