• Increase font size
  • Default font size
  • Decrease font size

2022-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
- සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය සහ ඕමාන සුල්තාන් රාජ්‍යයේ උරුම සහ සංචාරක අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම සඳහා යෝජනා වී ඇත. ඒ සඳහා වන කෙටුම්පත් ගිවිසුමට නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබේ. ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස සංචාරක හා ඉඩම් අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.