• Increase font size
  • Default font size
  • Decrease font size

2022-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2022/23 මහ කන්නය සඳහා යූරියා ප්‍රසම්පාදනය කිරීම
- 2022 ජුනි මස 07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි 2022/23 මහ කන්නය සඳහා යූරියා පොහොර ප්‍රසම්පාදනය කිරීම පිණිස අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනු ලැබ ඇත. එකී ප්‍රසම්පාදනය යටතේ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 150,000ක් ප්‍රසම්පාදනය කිරීමට සැලසුම් කරනු ලැබ ඇති නමුත්, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරන ලද ලංසුකරු විසින් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 12,500ක් පමණක් සැපයීම සඳහා ලංසු ඉදිරිපත් කර ඇත. ඒ අනුව, එම යූරියා පොහොර තොගය මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමටත්, තවත් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 125,000ක් කඩිනමින් මිල දී ගැනීම සඳහා විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් නැවත ලංසු කැඳවීමටත් කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.