• Increase font size
  • Default font size
  • Decrease font size

2022-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ත්‍රිකුණාමලය සම්ප්‍රේෂණාගාරය පිහිටි ඉඩමෙහි සූර්යබල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
- කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා කෙටි තරංග සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලබන ඉඩම සූර්යබල විදුලිජනන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීම පිණිස 2022-01 18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, සුදුසු ආයෝජකයෙකු තෝරාගැනීම සඳහා ව්‍යාපෘති යෝජනා කැඳවා ඇති අතර, යෝජනා 07 ක් ලැබී තිබේ. එකී යෝජනා ඇගයීම සඳහා පත් කරනු ලැබ ඇති තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස යෝග්‍යතම ආයෝජකයා වශයෙන් 3W Power Management Ltd නිර්දේශ කර ඇත. ඒ අනුව, එකී ආයෝජකයා සමඟ එක්ව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.