• Increase font size
  • Default font size
  • Decrease font size

2022-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අත්‍යවශ්‍ය සිවිල් කටයුතුවලට සහ සංඥා පද්ධති ආශ්‍රිත කටයුතුවලට අදාළ කොන්ත්‍රාත්තු සෘජුවම රාජ්‍ය සංවර්ධන සහ ඉදිකිරීම් සංස්ථාව වෙත ප්‍රදානය කිරීම
- ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සිවිල් ඉදි කිරීම් කටයුතු සහ සංඥා පද්ධති සම්බන්ධ කටයුතු සඳහා අවශ්‍ය ශ්‍රම බලකායෙහි හිඟයක් පැවතීම හේතුවෙන් දුම්රිය සේවා නිසියාකාරව පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් නිර්මාණය වී තිබේ. එකී ගැටලුවලට පිළියමක් වශයෙන්, එවැනි ඉදිකිරීම් සම්බන්ධයෙන් මනා පළපුරුද්දක් සහිත දැනට සාමාජිකයන් 600කට වැඩි ශ්‍රම බලකායකින් සමන්විත රාජ්‍ය සංවර්ධන සහ ඉදිකිරීම් සංස්ථාව වෙත රුපියල් මිලියන 25ක් නොඉක්මවන කොන්ත්‍රාත්තු, සෘජු ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් පිරිනැමීම පිණිස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.