• Increase font size
  • Default font size
  • Decrease font size

2022-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2023 වර්ෂය සඳහා පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි සැපයීම
- 2023 වර්ෂය සඳහා වන නිල ඇඳුම් රෙදි 2022 අධ්‍යයන වර්ෂයේ පාසල් වාරය අවසන් වීමට ප්‍රථම පාසල් සිසුන් වෙත ලබා දිය යුතුව ඇත. ශ්‍රී ලංකා රජය විසින් මහජන චීන සමූහාණ්ඩුව වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව, 2023 වර්ෂය සඳහා වන නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් කොටසක් ප්‍රදානයක් වශයෙන් ලබා දීමට එකඟතාව පළ කර තිබේ. ඒ අනුව, චීන රජයෙන් ලබා දීමට නියමිත එම ප්‍රදානයට අතිරේකව අවශ්‍ය ඉතිරි රෙදි ප්‍රමාණය දේශීය රෙදිපිළි නිෂ්පාදකයින්ගෙන් මිල දී ගෙන 2023 වර්ෂය සඳහා වන පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාව සපුරා ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.