• Increase font size
  • Default font size
  • Decrease font size

2022-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හි පුහුණුව ලබන ශික්ෂණලාභීන් සඳහා සහන පොලී පදනමක් යටතේ ශිෂ්‍ය ණය ආධාර ක්‍රමයක් ස්ථාපිත කිරීම
- ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මඟින් අ.පො.ස. (උසස් පෙළ) සමතුන් සඳහා අවුරුදු 02ක ආයතනික පුහුණුවක් ද එක් අවුරුද්දක සීමාවාසික පුහුණුවක් ද වශයෙන් ගුරු පුහුණුව ලබා දෙනු ලැබේ. වසරක සීමාවාසික පුහුණු කාලය තුළ නේවාසික පහසුකම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මඟින් සපයනු නොලබන අතර නවාතැන් හා ගමන් වියදම් වැනි වියදම් ශික්ෂණලාභීන් විසින්ම දැරිය යුතුව ඇත. දැනට ගුරු ශික්ෂණලාභියෙකුට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ආයතනික පුහුණු කාලය තුළ ගෙවනු ලබන රුපියල් 5,000/-ක මාසික දීමනාව ප්‍රමාණවත් නොවේ. එබැවින්, ගුරු ශික්ෂණලාභියෙකුට දැනට ගෙවනු ලබන දීමනාවට අමතරව මසකට උපරිම වශයෙන් තවත් රුපියල් 10,000/-ක මූල්‍යමය ප්‍රතිපාදනයක් සහන පොලී පදනම මත රාජ්‍ය බැංකුවක් මඟින් ලබා ගැනීමට හැකි වන පරිදි අවශ්‍ය පියවර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.