• Increase font size
  • Default font size
  • Decrease font size

2022-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
- මත්ද්‍රව්‍ය මත යැපෙන්නන්, යුධ වැදි සටන්කාමීන්, ප්‍රචණ්ඩකාරී අන්තවාදී කණ්ඩායම් සාමාජිකයන් සහ වෙනත් අදාළ පුද්ගල කණ්ඩායම් සඳහා ප්‍රතිකාර කිරීම, පුනරුත්ථාපනය කිරීම, පසු රැකවරණය සහ ඒ සම්බන්ධිත කාර්යයන් ඉටු කිරීම සඳහා පුනරුත්ථාපන කාර්යාංශයක් ස්ථාපිත කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා 2021 04 19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.