• Increase font size
  • Default font size
  • Decrease font size

2022-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය දැව සංස්ථාව වෙත පැවරී ඇති කාර්යයන් කාලීන අවශ්‍යතා අනුව සංශෝධනය කිරීම
- 1957 අංක 49 දරන රජයේ කාර්මික සංස්ථා පනතේ විධිවිධාන යටතේ 1968 04 04 දිනැති රජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනයක් මඟින් රාජ්‍ය දැව සංස්ථාව ස්ථාපනය කරනු ලැබ ඇත. එකී සංස්ථාවේ කාර්යභාරය වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුව, රාජ්‍ය දැව සංස්ථාවේ විෂය පථය වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස සංශෝධනය කිරීම පිණිස වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.