• Increase font size
  • Default font size
  • Decrease font size

2022-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2018 අංක 29 දරන ගුවන් ප්‍රවාහන පනත සංශෝධනය කිරීම
- ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහනය සඳහා වන මොන්ට්‍රියෙල් සම්මුතිය යටතේ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා වගකීම් සීමාවන් 2021 01 22 දිනැති ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර ඇති අතර එකී ඉහළ වගකීම් සීමාවන් ශ්‍රී ලංකාවේ ගුවන්සේවා කර්මාන්තයේ දියුණුවට බාධාවක් විය හැකි බව පෙනී ගොස් ඇත. එබැවින්, දේශීය ගුවන්සේවා කර්මාන්තය එකී වගකීම්වලින් නිදහස් කිරීම සලකා බැලීමට හැකි වන පරිදි 2018 අංක 29 දරන ගුවන් ප්‍රවාහන පනතේ අදාළ වගකීම් සීමාවන් සමාලෝචනය කිරීම පිණිස කමිටුවක් පත් කරනු ලැබ තිබේ. එම කමිටුව විසින් 2018 අංක 29 දරන ගුවන් ප්‍රවාහන පනතේ 2වන, 5වන සහ 8වන වගන්තිවලට සංශෝධනයන් හඳුන්වා දීම යෝග්‍ය බවට නිර්දේශ කර ඇත. ඒ අනුව, එකී පනතේ අදාළ වගන්තීන් සංශෝධනය කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.