• Increase font size
  • Default font size
  • Decrease font size

2022-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සහයෝගිතාව සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
- කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සහයෝගිතාව සම්බන්ධයෙන් ඕමාන සුල්තාන් රාජ්‍යයේ කෘෂිකර්ම, ධීවර සම්පත් හා ජල සම්පත් අමාත්‍යාංශය සහ මෙරට කෘෂිකර්ම අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී ඇත. ඒ සඳහා වන යෝජිත කෙටුම්පත් ගිවිසුමට නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබේ. ඒ අනුව, අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.