• Increase font size
  • Default font size
  • Decrease font size

2022-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය ස්ථාපිත කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම
- ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියුතු මාධ්‍යවේදීන්ගේ වෘත්තීය භාවය ඉහළ නැංවීමේ අරමුණින් "ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය" ස්ථාපිත කිරීම පිණිස 2021-10-05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, අදාළ කටයුතු සම්පාදනය කිරීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරනු ලැබ ඇති මෙහෙයුම් කමිටුව විසින් එකී ආයතනය ස්ථාපිත කිරීමට අදාළව පිළියෙල කරනු ලැබ ඇති දළ කෙටුම්පත මත පදනම්ව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව මඟින් පනත් කෙටුම්පතක් සකස් කිරීමටත්, මීට පෙර යෝජනා කරන ලද "ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය" වෙනුවට යෝජිත ආයතනයේ නාමය "ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය" වශයෙන් සංශෝධනය කිරීමටත් ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.