• Increase font size
  • Default font size
  • Decrease font size

2022-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්දියාවේ 75 වැනි නිදහස් දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ තැපැල් බලධාරින් විසින් ඒකාබද්ධව මුද්දර නිකුත් කිරීම
- 2022 අගෝස්තු මස 15 දිනට යෙදුන ඉන්දියාවේ 75 වැනි නිදහස් දිනය සැමරීමට සමගාමීව "ප්‍රජාතන්ත්‍රවාදය" යන තේමාව පදනම් කර ගෙන දෙරටෙහි "පාර්ලිමේන්තු" පිළිබිඹු වන පරිදි මෙරට තැපැල් දෙපාර්තමේන්තුව සහ ඉන්දීය තැපැල් දෙපාර්තමේන්තුව විසින් සමරු මුද්දර දෙක බැගින් නිකුත් කිරීමට යෝජනා වී තිබේ. එසේම, දෙරට විසින් නිකුත් කරනු ලබන මුද්දරවලින් මුද්දර කට්ටල 3,000 බැගින් ද, සිහිවටන පත්‍රිකා 5,000 බැගින් ද, මුල් දින කවර 2,000 බැගින් ද හුවමාරු කර ගැනීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, එම කාර්යය සඳහා දෙරටේ තැපැල් දෙපාර්තමේන්තු අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.