• Increase font size
  • Default font size
  • Decrease font size

2022-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නාවලපිටිය අල් සෆා ප්‍රාථමික විද්‍යාලය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩමක් වෙන් කර දීම
- ද්වීතීයික පාසල් 1,000ක් ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන යටතේ නාවලපිටිය අල් සෆා ප්‍රාථමික විද්‍යාලය 2013 වර්ෂයේදී අලුතින් ආරම්භ කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය ගොඩනැඟිලි ඉඩකඩ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු නාවලපිටිය දුම්රිය ස්ථානයට අයත් බඩු ගබඩාවක් මඟින් සපුරා ගනු ලැබ ඇත. මේ වන විට එම පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය වීම හේතුවෙන් එකී ගොඩනැඟිල්ල ප්‍රමාණවත් නොවන බැවින් ස්ථිර ගොඩනැඟිලි ඉදි කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් නාවලපිටිය ගොඩමුදුන කරහඳුන්ගල පිහිටි අක්කර 02ක් පමණ වන ඉඩම් කොටසක් එකී පාසල සඳහා නීත්‍යානුකූලව වෙන් කර දීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා විසින් ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.