• Increase font size
  • Default font size
  • Decrease font size

2022-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව සඳහා ශ්‍රී ලංකා රජය සහ නේපාල රජය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
- ශ්‍රී ලංකා රජය සහ නේපාල රජය අතර විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව උදෙසා අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස එවකට පැවති නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය සඳහා 2021 06 21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති නමුත් එකී අවබෝධතා ගිවිසුමට මෙතෙක් අත්සන් තබා නොමැත. දෙපාර්ශ්වය අතර ඇති කර ගනු ලැබූ එකඟතාව අනුව එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.