• Increase font size
  • Default font size
  • Decrease font size

2022-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2023 පෙබරවාරි මස 04 වැනි දිනට යෙදෙන 75 වන නිදහස් දින සමරු උළෙල
- 2023 පෙබරවාරි මස 04 වැනි දිනට යෙදෙන 75 වන නිදහස් දින සමරු උළෙලේ කටයුතු සංවිධාන කිරීම හා මෙහෙයවීම පිණිස පහත සඳහන් සංයුතියෙන් යුතුව අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා
ජනාධිපති
ආරක්ෂක; සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය

* ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා
අග්‍රාමාත්‍ය
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

* ගරු ඩග්ලස් දේවානන්දා මැතිතුමා
ධීවර අමාත්‍ය

* ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා
අධ්‍යාපන අමාත්‍ය

* ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මැතිතුමා
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය; සහ ජනමාධ්‍ය අමාත්‍ය

* ගරු කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා
සෞඛ්‍ය අමාත්‍ය; සහ ජලසම්පාදන අමාත්‍ය

* ගරු අලි සබ්රි මැතිතුමා
විදේශ කටයුතු අමාත්‍ය

* ගරු විදුර වික්‍රමනායක මැතිතුමා
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය

* ගරු කංචන විජේසේකර මැතිතුමා
විදුලිබල හා බලශක්ති අමාත්‍ය

* ගරු ටිරාන් අලස් මැතිතුමා
මහජන ආරක්ෂක අමාත්‍ය