• Increase font size
  • Default font size
  • Decrease font size

2022-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා වන ජාතික මාර්ගෝපදේශ සහ අවම ප්‍රමිතීන් හඳුන්වා දීම
- ශ්‍රී ලංකාව තුළ ජීවත් වන අනාථ, අසරණ, අත්හළ, අපයෝජනයට පත් හා නීතිමය ගැටලුවලට මුහුණ දුන් දරුවන්ගේ රැකවරණය, ආරක්ෂාව, කායික සහ මානසික යහපැවැත්ම තහවුරු කිරීම සඳහා, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ළමා සංවර්ධන සේවාවන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබයි. ළමා සංවර්ධන මධ්‍යස්ථාන සම්බන්ධයෙන් සකස් කරන ලද මාර්ගෝපදේශ සහ ප්‍රඥප්ති පළාත් මට්ටමින් දැනටමත් ක්‍රියාත්මක වන නමුත් ජාතික මට්ටමේ පිළිගත් මාර්ගෝපදේශයක් නොමැත. එබැවින්, ළමාරක්ෂක ක්ෂේත්‍රය හා සම්බන්ධ සියලුම පාර්ශ්වකරුවන් නියෝජනය වන පරිදි සහ අදාළ විශේෂඥයින්ගේ අධීක්ෂණය සහ මගපෙන්වීම යටතේ සකස් කරනු ලැබූ, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ ”ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා වන ජාතික මාර්ගෝපදේශ සහ අවම ප්‍රමිතීන්” සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.