• Increase font size
  • Default font size
  • Decrease font size

2022-08-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මෙරටට පැමිණෙන සංචාරකයන්ට වර්ෂයක කාලයක් සඳහා එකවර සංචාරක වීසා නිකුත් කිරීම
- දැනට පවතින විධිවිධාන අනුව මෙරටට පැමිණෙන සංචාරකයෙකුට පැමිණි දින සිට දින 270ක කාලසීමාවක් මෙරට රැඳී සිටිය හැකි වන පරිදි තනි වාර පිවිසුමක් සහිත (Single Entry) වීසා නිකුත් කළ හැක. එසේම, දැනට පවතින වීසා ගාස්තු ක්‍රමවේදය යටතේ වර්ෂයක කාලයක් මෙරට රැඳී සිටීම සඳහා වීසා ලබා ගැනීමේදී ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 685ක් සංචාරකයෙකු විසින් ගෙවිය යුතු වේ. එම කරුණු ද සැලකිල්ලට ගනිමින්, එකවරකදී රට තුළ රැඳී සිටිය හැකි උපරිම දින සංඛ්‍යාව දින 90කට යටත්ව, බහු වාර පිවිසුම් (Multiple Entry) අවසරය සහිතව විද්‍යුත් සංචරණ අනුමැතිය ඔස්සේ වර්ෂයක කාලයක් සඳහා සංචාරකයන්ට එකවර වීසා නිකුත් කිරීමටත්, ඒ සඳහා දැනට වර්ෂයක කාලයක් වෙනුවෙන් ව්‍යාපාරික වීසා සහ වාස වීසා සඳහා අයකරනු ලබන පරිදි ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 200ක ගාස්තුවක් අය කිරීමටත් හැකි වන පරිදි අවශ්‍ය පියවර ගැනීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.