• Increase font size
  • Default font size
  • Decrease font size

2022-08-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගෘහස්ථ වර්ගයේ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සඳහා සංශෝධිත මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම
- අඛණ්ඩව ගෘහස්ථ ගෑස් සැපයුම තහවුරු කිරීමේ අරමුණින් පිරිවැය නිරූපිත මිල සූත්‍රයක් නොපමාව ක්‍රියාත්මක කිරීමටත්, එකී මිල සූත්‍රය මත පදනම්ව සෑම මාසයකම 05 වන දින ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.