• Increase font size
  • Default font size
  • Decrease font size

2022-08-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය ප්‍රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- දිළිඳු හා අවදානමට ලක්වූවන්ගේ ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපායන් ආරක්ෂා කිරීමේ අපේක්ෂාවෙන් "ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය ප්‍රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘතිය" යනුවෙන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල්, ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතින් කිහිපයක පවතින අතිරික්ත මුදල් ප්‍රතිඅරමුණුගත කිරීම මඟින් සලසා ගැනීමට අපේක්ෂා කරනු ලබයි. ඊට අමතරව, ව්‍යාපෘති ක්‍රියාකාරකම් මූල්‍යනය සඳහා සමෘද්ධිමත් සහ ප්‍රත්‍යාස්ථ ආසියා සහ පැසිපික් කලාපය සඳහා වන ජපන් අරමුදල විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 3ක ප්‍රදානයක් ආසියානු සංවර්ධන බැංකුව හරහා ලබා දීමට ද එකඟතාව පළ කර ඇත. ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, ඒ අනුව අදාළ ගිවිසුම්වලට එළඹීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.