• Increase font size
  • Default font size
  • Decrease font size

2022-08-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව ස්ථාපිත කිරීම සහ ආහාර සුරක්ෂිතතා කමිටුව පිහිටුවීම
- රට තුළ දැනට පවතින ආර්ථික තත්ත්වය හමුවේ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව වෙළෙඳපොළට සැපයෙන බව තහවුරු කර ගනිමින් ජීවන වියදම ස්ථාවරව පවත්වාගෙන යාම පිණිස අවශ්‍ය ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික විසඳුම් අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ කිරීම සඳහා ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව ස්ථාපිත කිරීමටත්, එම අනුකාරක සභාවේ කටයුතු සඳහා සහාය වීම පිණිස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමතිතුමාගේ සභාපතිත්වය යටතේ ආහාර සුරක්ෂිතතා කමිටුව පිහිටුවීමටත් ගරු ජනාධිපතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.