• Increase font size
  • Default font size
  • Decrease font size

2022-08-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා ස්ථාපිත කිරීම
- අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා වැඩි කාලසීමාවක් වෙන් කිරීමට හැකි වන පරිදි සහ නීතිමය හා වෙනත් අදාළ කරුණු ගැඹුරින් අධ්‍යයනය කර තීරණයන්ට එළඹිය යුතු විෂයයන්ට අදාළව ඉදිරිපත් වන අමාත්‍ය මණ්ඩල සංදේශ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම‍ට හැකි වන පරිදි අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා ස්ථාපිත කිරීම යෝග්‍ය බව හඳුනාගෙන ඇත. ඒ අනුව, නව ව්‍යාපෘති ආරම්භ කිරීම හා ප්‍රසම්පාදන කටයුතු වැනි රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් වන යෝජනා පිළිබඳව ප්‍රතිපත්තිමය නිර්දේශ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම පිණිස ගරු ජනාධිපතිතුමාගේ සභාපතිත්වයෙන් යුතුව රාජ්‍ය වියදම් කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව ස්ථාපිත කිරීම සඳහාත්, රාජ්‍ය සේවයේ පත්වීම්, උසස් කිරීම්, මාරු කිරීම් හා විනය ක්‍රියාමාර්ග වැනි ආයතන කටයුතු සම්බන්ධයෙන් වන කරුණු පිළිබඳව ඉදිරිපත් වන යෝජනා අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත ප්‍රතිපත්තිමය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් යුතුව ආයතන කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව ස්ථාපිත කිරීම සඳහාත් ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.