• Increase font size
  • Default font size
  • Decrease font size

2022-08-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1954 අංක 19 දරන සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) පනත සංශෝධනය කිරීම
- දැනුම් ක්‍රියාවලිය බාහිරින් සපයා ගැනීමේ ආයතන (Knowledge Process Outsourcing), ව්‍යාපාර ක්‍රියාවලිය බාහිරින් සපයා ගැනීමේ ආයතන (Business Process Outsourcing), වෙනත් රටවල පිහිටි ව්‍යාපාර ආයතන සඳහා ගිණුම්, පරිපාලන හා තාක්ෂණික කටයුතු කරන කාර්යාල (Back Office) සහ තොරතුරු තාක්ෂණය පදනම් කර ගත් (ICT enabling Services) ව්‍යාපාර ආයතන රාශියක් මේ වන විට රට තුළ ප්‍රධාන නගර ආශ්‍රිතව බිහිව තිබේ. එම ආයතනවල ස්වභාවය මත එහි සේවයේ නියුක්ත වන සේවක සේවිකාවන්ට වෙනත් රටවල කාලවේලාවන් අනුව කටයුතු කිරීමට සිදුවේ. නමුත් 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) පනත යටතේ පස්වරු 6.00න් පසුව කාන්තාවන් සේවයේ නියුක්ත කිරීමට හැකියාව ඇත්තේ සීමිත රැකියා සංඛ්‍යාවක පමණි. එම තත්ත්වය යටතේ කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීම පිළිබඳ දැනට පවතින සීමාකාරී නෛතික ප්‍රතිපාදන සංශෝධනය කළ යුතු බවට හඳුනාගෙන ඇත. ඒ අනුව, 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) පනත සංශෝධනය කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.