• Increase font size
  • Default font size
  • Decrease font size

2022-08-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
- 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත යටතේ නියමයන් ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනයක්, සුරාබදු ආඥාපනත (52 අධිකාරිය) යටතේ ප්‍රකාශයට පත් කරන ලද නියමයන් ඇතුළත් ගැසට් නිවේදන 02ක් සහ 2003 අංක 25 දරන මුදල් පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද නියෝගයක් ඇතුළත් ගැසට් නිවේදනයක් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.