• Increase font size
  • Default font size
  • Decrease font size

2022-08-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා ගුවන්සේවා රක්ෂණ ආවරණ වෙනුවෙන් කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම
- ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් සිය ගුවන් යානා සඳහා රක්ෂණාවරණ කාණ්ඩ 04ක් යටතේ රක්ෂණ සේවා ලබා ගැනීම සිදු කරනු ලබයි. එම රක්ෂණාවරණ කාණ්ඩ 04 සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි සාමාන්‍ය රක්ෂණ සමාගම් වෙතින් සීමිත ජාතික තරගකාරී ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත ප්‍රදානය කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.