• Increase font size
  • Default font size
  • Decrease font size

2022-08-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජපන් භාෂා ප්‍රවීණතාව ලබා දීම පාසල් මට්ටමින් ආරම්භ කිරීම
- ශ්‍රී ලංකා රජය හා ජපාන රජය අතර අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුම් අනුව, තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් ලෙසත්, විශේෂ කුසලතා සහිත රැකියා වැඩසටහන යටතේ ක්ෂේත්‍ර 14ක රැකියා සඳහාත් අයදුම් කිරීමට ශ්‍රී ලාංකිකයින්ට හැකියාව පවතී. ඒ සඳහා, ජපන් භාෂා ප්‍රවීණත්වය අත්‍යවශ්‍ය සුදුසුකමක් වන අතර අදියර කිහිපයකින් පවත්වනු ලබන විභාගවලින් නියමිත සුදුසුකම් ලබා ගත යුතු වේ. ඉදිරි වසර 05ක කාලය තුළ විශේෂිත කුසලතා රැකියා වැඩසටහන යටතේ ශ්‍රමිකයන් 345,000ක් පමණ ජපානයේ රැකියා සඳහා බඳවාගැනීමට සැලසුම් කර ඇති අතර, ශ්‍රී ලංකාව ද ඇතුළුව ඒ සඳහා රටවල් 7ක් සමඟ ජපානය ගිවිසුම්ගතව ඇත. එම කරුණු සැලකිල්ලට ගනිමින්, දැනට පාසල් තුළ ක්‍රියාත්මක වන තාක්ෂණික විෂය ධාරාව යටතේ ජපන් භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ කටයුතු ආරම්භ කිරීමටත්, ජපානයේ රැකියා ඉලක්ක කර ගත් සාත්තු සේවා, ආගන්තුක සත්කාර, ගොඩනැඟිලි පිරිසිදු කිරීම, කෘෂිකාර්මික කටයුතු, මෝටර්රථ කාර්මික හෝ විදුලි හා විද්‍යුත් කාර්මික ආදී ක්ෂේත්‍රයන්හි මෘදු කුසලතා වර්ධනය කිරීමටත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.