• Increase font size
  • Default font size
  • Decrease font size

2022-08-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යටිතල පහසුකම් සංවර්ධනය කරනු ලැබූ ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් කර්මාන්ත ස්ථාපිත කිරීම සඳහා ඉඩම් කොටස් වෙන් කර දීම
- ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත ප්‍රවර්ධනය අරමුණු කරගෙන කර්මාන්ත අමාත්‍යාංශය විසින් “ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන” ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව එම වැඩසටහන යටතේ තෝරාගත් ආයෝජකයන් 25 දෙනෙකු සඳහා කර්මාන්තපුර 13කින් ඉඩම් කොටස් වෙන් කර දීම පිණිස කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.