• Increase font size
  • Default font size
  • Decrease font size

2022-08-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උසස් අධ්‍යාපන නවෝත්පාදන සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානය (UNESCO - ICHEI) සහ ශ්‍රී ලංකා රජයේ අධ්‍යාපන අමාත්‍යාංශය අතර අධ්‍යයන සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීම
- යුනෙස්කෝ සංවිධානයේ අනුග්‍රාහකත්වය යටතේ ක්‍රියාත්මක වන උසස් අධ්‍යාපන නවෝත්පාදන සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානය මෙරට රාජ්‍ය අංශයේ කාර්මික සහ වෘත්තිය අධ්‍යාපන හා පුහුණු ආයතනයන්හි කාර්යමණ්ඩල ධාරිතාව ඉහළ නැංවීම සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පුහුණුව ලබා දීමට එකඟතාව පළ කර ඇත. ඒ යටතේ, කෘත්‍රිම බුද්ධිය, රොබෝ තාක්ෂණය, දත්ත විශ්ලේෂණය, යාන්ත්‍රික දෘෂ්ටිය, යාන්ත්‍රික ඉගෙනුම, ඩිජිටල් රූප සැකසුම සහ ඩිජිටල් ව්‍යාපාර යන ක්ෂේත්‍ර උදෙසා ප්‍රවේශ වීමට වේදිකාවක් සපයා දීමට එකඟතාව පළ කර තිබේ. ඒ අනුව, එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.