• Increase font size
  • Default font size
  • Decrease font size

2022-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උඩරට විවාහ සහ දික්කසාද පනත සඳහා සංශෝධන
- බාලවයස්කාර දරුවෙකුගේ විවාහය සඳහා දෙමාපියන්ගේ කැමැත්ත අවශ්‍ය බවට වන උඩරට විවාහ සහ දික්කසාද පනතේ II කොටස අවලංගු කිරීම සහ එහි ඇති අනනුකූලතාවන් ඉවත් කිරීම පිණිස ව්‍යාවස්ථා කෙටුම්පත් කිරීම සඳහා 2021 10 26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.