• Increase font size
  • Default font size
  • Decrease font size

2022-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ ව්‍යවස්ථාව නීතිගත කිරීම
- ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව විධිමත් හා ශක්තිමත් කරමින් ප්‍රමාණවත් අධිකාරියක් සහිතව නීත්‍යානුකූලව පිහිටුවීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම පිණිස 2021 06 14 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දී ඇති අනුමැතිය පරිදි නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.