• Increase font size
  • Default font size
  • Decrease font size

2022-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විගමනික ශ්‍රමිකයන්හට නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවීම සඳහා දිරි ගැන්වීම් ලබා දීම
- රට තුළ පවතින විදේශ විනිමය අර්බුදයට පිළියමක් වශයෙන් විගමනික ශ්‍රමිකයන් විසින් මෙරටට සිදු කරනු ලබන ප්‍රේෂණයන් වැඩි කිරීම සඳහා ලබා දිය යුතු සහන සහ දිරි ගැන්වීම් සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස 2022 06 27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි නිලධාරි කමිටුවක් පත් කර ඇත. එකී නිලධාරි කමිටුවේ වාර්තාව මඟින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ පරිදි මෙරටට විධිමත් මාර්ග ඔස්සේ ප්‍රේෂණය කරනු ලැබූ විදේශ අරමුදල් ප්‍රමාණය පදනම් කරගෙන අදාළ විගමනික ශ්‍රමිකයින් මෙරටට පැමිණීමේදී අතිරේක තීරු බදු සහන දීමනාවක් ලබා දීමට හා විදුලියෙන් ක්‍රියා කරනු ලබන වාහනයක් මිල දී ගැනීම සඳහා එකී විගමනික ශ්‍රමිකයින්හට පහසුකම් සලසා දීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.